Advertisement
මහනුවර ජාතික රෝහලේ සහ මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවන JVP පරිපාලනය සහ වෛද්‍යවරුන්ට එරෙහිව සිදුවන මර්ධනයකලියුග කාලයේ දේශපාලනික ත්‍රස්තවාදයද මේ…?
මේකද සමාජවාදය…?
ගෞරවනීය පූජක පක්ෂවලට රෝහල තුල සිදු වූ පීඩා වලට එරෙහිව කතා කිරීමට තැනක් නැද්ද?
මිනිසුනි… රට වෙනුවෙන් නැගිටින්න….
මම මහා සංඝරත්නය මහනුවර ජාතික රෝහලේ පෝලිමේ රදවා සිටින එකට විරුද්ධව හඩ නැගීම නිසා
මගේ වැටුපෙන් 1/3 ක් මාස 3 කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින අවස්ථාවකි. නමුත් ස්ථිර වශයෙන් හඩ නැගුවා නීතියෙන් පූජ්‍ය මහා සංඝ රත්නයටයි අනෙකුත් ආගමික පූජකවරුන්ටයි ප්‍රමුඛස්ථානය ලැබෙනවා කියලා...
ඉන් පසු මහනුචර ජාතික රෝහලේ JVP පරිපාලකයෙකු මහනුචර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරියෙක් විදියට මා හට දුන් රාජකාරිය වූයේ රෝහලට රෝගීන් රැගෙන පැමිණෙන අහිංසක ත්‍රී වීල් රථ රියදුරන්ට කෑ ගසා එලවීමයි.
අපි හැමෝම එක සමාන මිනිස්සු නිසා මම එයට තදින් විරෝධය පල කලා.
දැන් මට දී ඇති රාජකාරිය වන්නේ කුණු කානු පිරිසිදු කිරීමේ සේවා පරීක්ෂාවයි. මම අමතර රාජකාරි කර දුන් NPP අන්තවාදී මහනුචර ජාතික රෝහලේ වැඩිහිටි රෝග විශේෂඥ වරිය මෙයට මූලිකව කටයුතුකරන අතර මගේ වෛද්‍ය වෘත්තිය විනාශ කිරීමට තවත් පැමිණිල්ලක් කළ හැකියි.
( මම පසුගිය ජනාධිපතිවරණ සමයේදී නිර්දේශපාලනිකව කටයුතු කළ නිසා සහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය නොදැක්වූ නිසා සුලුතර අන්තවාදී JVP රෝහල් පරිපාලනය සිටියේ සෑහීමකට පත් නොවීද යන්න මා නොදනී )
ඊළඟට කුමක් සිදුවේදැයි ඔබට සිතාගත හැකිද?
වෛද්‍ය අසංක වැලිකල
Advertisement
Event venue
Kandy, Sri Lanka
Tickets