නිදහස් අධ්‍යාපනය වෛද්‍යවරයෙක්ගේ අහිංසක උත්සාහයක්

Mon, 02 Mar, 2026 at 01:30 pm UTC+05:30

Gangarama road | Nugegoda

Friends  in Lanka
Publisher/HostFriends in Lanka
\u0db1\u0dd2\u0daf\u0dc4\u0dc3\u0dca \u0d85\u0db0\u0dca\u200d\u0dba\u0dcf\u0db4\u0db1\u0dba \u0dc0\u0ddb\u0daf\u0dca\u200d\u0dba\u0dc0\u0dbb\u0dba\u0dd9\u0d9a\u0dca\u0d9c\u0dda \u0d85\u0dc4\u0dd2\u0d82\u0dc3\u0d9a \u0d8b\u0dad\u0dca\u0dc3\u0dcf\u0dc4\u0dba\u0d9a\u0dca
Advertisement
බදුල්ල කැන්දගොල්ල ඉස්පිරිතාලෙ තවත් OPD දවසක්...
වෙනදා වගේම බෙහෙත් ගන්න එක්කෙනා දෙන්නා එනවා කන්ද දිගේ ඇව්ත් පඩිපෙල නැගගෙන....
ඇවිත් OPD තුණ්ඩුවේ නම දාගෙන මා ගාවට එනවා බෙහෙත් ලියාගන්න...
ඔය එන අයගෙන් 90% වඩා පුදගලිකව අදුරන අය...මළගෙදරදි මගුල් ගෙදරදි හමූඋන අය...ඒකට කාපු බීපු අය...එකට බස් එකේ යන පොදු වැඩ වලදි හමු උන අය...
ඔය අය අතරේ නිතර දකින කෙනෙක් තමා උඩගල්ලියේ *******ගේ තාත්තා ... උන්දැ හොදට රස්සාව කරන් කාලා බිලා සැපට හිටියා...ඒත් අවුරුදු 2කට විතර කලින් කිතුල් ගහෙන් වැටිලා කොන්ද ඇණුනා...
ඉස්පිරිතාලෙට ගේනකොටත් හොදටම අමාරු වෙලා හිටියේ...
මුලික ප්‍රතිකාර කරලා බදුල්ලේ යැව්වම එහෙන් කියලා තිබ්බේ මූත්‍රා මාර්ගය කැඩිලා කියලයි...ඒ හින්දා යටි බඩින් බටයක් දාලා උන්දැව එවලා තිබ්බ...
මාසෙන් මාසෙට කැන්දගොල්ලෙන් බටේ මාරු කරන්න ඕන...ඒ අතරතුර block උනොත් ආයේ මාරු කරන්න ඕන...ඒක මහ වදයක්...පවක් කියලත් හිතෙනවා...පොඩි තප්පරයක අතපසු වීමක් ඇති ජීවිත කාලෙම විදවන්න...ඇත්තටම උන්දෑ පව්...
මාමාත් හැමදාම බටේ මාරු කරන්න එනවා...අපිත් මාරු කරලා යවනවා...උන්දැ දුක කියනවා...අපි හිත හදනවා...චක්කරේ කැරකෙනවා....
දවසක් නිකමට උන්දැව මගේ කාමරේට ගෙන්න ගත්තා...
මාමා...දැන් හැමදාම බටේ දාන් ඉන්නද කීවේ...
අනේ තේරෙන් නෑ මහත්තායා...ලොකු ඉස්පිරිතාල දෙකකම clinic දාලා තියනවා ඒවගේ නම් කියන්නේ කවදාහරි ආපහු මූත්‍රා මාර්ගය operation කරලා හදලා දෙනාවා කියලා ...
ඒත් ලොකු ලැයිස්තුවක ඉන්න ඕනලු... තාම දිනයක වත් දීලා නෑ...මන් ඒ හින්දා ඒක හිතින් අත ඇරලා ඉන්නේ....
කතාව ඇත්තය...අපේ රටේ කොහෙත් එහෙමය...මොකද ඔය විෂය සම්බන්ධ වෛද්‍යවරුන් ඉන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් නිසාත් පහසුකම් ඇත්තේ රෝහල් කීපයක් නිසාත් ඔයවගෙ operation වලට අවුරුදු ගාණක් list එකේ ඉදලා තමා දිනයක් ගන්න වෙන්නේ....
හ්ම්ම්...මේකට මොකක් හරි වoගුවක් ගහමුද ? 😜 try එකක් දාමු... මට සිතුණි...
""""""මාමා...කවදද ආය clinic තියෙන්නේ ?"""""
ලබන සතියේ...
හ්ම්...මාමා...මන් පොඩි කතාවක් කියලා දෙනවා ඒ ටික clinic එකේ ලොකු මහත්තායා ට ගිහින් කියන්න පුලුවන් ද ?
පුලුවන්...
හැබැයි මාමා ලොකු මහත්තායා අනිවා බනියි...එයා නරක නිසා නෙවේ...එයාට වැඩ අදික නිසා හා මම මේ කරන්නේ පණ්ඩිත වැඩක් නිසා...
මාමා මොනා කීවත් ඒවට උත්තර නොදී බිම බලාගෙන ගොනා වගේ ඉන්න...මම කියපු කතාව කීවම එයා බනියි ඔයාටයි මටයි දෙන්නටම...බැනලා පොඩ්ඩ්ක ඉවර වෙනකොටම මන් දැන් ලියලා දෙන ලියුම පෙන්නලා ආපසු බිම් බලාගෙන අසරණ විදියට ඉන්න...
හා මහත්තායා...වැඩේ වෙනවා නම් මන් කියන ඕන විදියකට ඉන්නම්...
මාමාට මා කියන්න කී කතාව මෙහි සදහන් නොකරන්නේ ඒ විදියට හැමෝම operation ඉක්මන් කරගන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසාත් රෝගීයෙක්ගේ තොරතුරු ප්‍රසිද්ධියේ සදහන් කිරීම සුදුසු නැති නිසාත් ය...
මාමාට මන් දුන්න ලියුමේ නම් කැන්දගොල්ල DMO කියලා ලියලා seal තියලා තව අහල පහල තිබ්බ වෙන seal වගේකුත් ලියලා මගේ නමත් පොල්ගෙඩි අකුරෙන් ලියලා දුන්නා මතකයි...
සති 2-3 කින් උඩගල්ලියේ මාමා සිනාමුසු මුහුණෙන් ආයේ OPD ඇවිත්...
මහත්තායා operation එක කරා...
මූත්‍රා මාර්ගය හදලා යටි බඩෙන් දාපු බටෙ අයින් කරා....දන් මූත්‍රා මාර්ගයෙන්ම බටේ දාලා මූත්‍රා යනවා...තව ට්ක කාලෙකින් ඒ බටෙත් අයින් කරලා 100% හොද වෙයි කීවා...
අම්මට සිරි...මාමා කොහොමද වැඩේ කරගත්තේ....
මහත්තායා මෙහෙමයි...
මන් මහත්තායා කියපු විදියට ගිහින් අර මහත්තායා මට උගන්වපු කතාව clinic එකේ දෙවනි මහත්තායා ට ඒ විදියටම කිවා...
එයා ලොකු මහත්තායා ට මාව දෑම්මා... එයා බනින්න ගත්තා...මන් මුකුත්ම නොකියා ගොනා වගේ බ්ම් බලන් හිටියා...බාගයක් බැනන් යද්දි මහත්තායා දුන්න ලියුම පෙන්නුවා...
ඊට පස්සේ මේ කවුද පොඩි ඉස්පිරිතාලක කෙනෙක් මෙහෙට ලියුම් එවන්නේ කියලා අනික් මහත්තුරු හා මිසී ලගෙන් ඇහුවා...ඔහොම අහන්‍ යද්දි කවුරු හරි නම දැකලා කීවා ඔබතුමා පණඬිතයෙක්...ඕන් නැති වැඩ කරලා ප්‍රශ්න දාගන්න කෙනෙක් කියලා...
ඕක ඇහිලා ලොකු සර් කියාපි...මේ ඔන්න ඔය operation එක කරලා දාමු...නැත්තම් ඔය DMO කාරයා අපිටත් ඇණයක් වෙයි...
මට ගොඩක් බැන්නද මාමා ? 😜
ඔව් ටිකක් විතර...මන් බිම් බලාගෙන හිටියා...මහත්තායා කිීවනේ එහෙම ඉන්න කියලා...
ඊට පස්සේ ඒ සතියෙම දිනයක් දුන්නා රෝහලට ඇතුලත් වෙලා operation එක කරගන්න කියලා...
හි..හි...අවුලක් නෑ මාමා...වැඩේ කෙරුනනේ...නැත්තම් මාමාට අවුරුදු 2-3 තව ඉන්න වෙනවා...
පොඩිඩක් වචන එහෙ මෙහෙ උනාට...අන්තිමට මාමාත් සතුටින්,මාත් සතුටින්,ඒ මහත්තුරුත් සතුටින්...
ඔව් නේ...මහත්තායා
අනික මින්ස්සු කියන කතා අපේ ඇගේ වදිනවා ඇයි...වැඩේනේ වෙන්න ඕනේ...
එහෙන්ම් මහත්තායා ... එහෙන්ම්...හි...හි...මන් යනවා මහත්තායා ස්තුතියි ... බුදුසරණයි..🙏🙏
.
.
වෛදය සචිත් බන්ඩාර මහතාගෙ ලියමනක් ✍️❤️
Advertisement

Event Venue & Nearby Stays

Gangarama road, Nugegoda, Sri Lanka

Icon
Concerts, fests, parties, meetups - all the happenings, one place.

Ask AI if this event suits you: