Advertisement
අප්‍රේල් 11 වන සිකුරාදා සවස 3.30ට සහ 6.45 ට "බල්ලොත් එක්ක බෑ 2 " බොරැල්ල නාමෙල් මාලනී පුන්චි තියටර්හි දී.ප්‍රවේශ පත්‍ර https://myseat.lk 🌟
‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න කාලීන අවශ්‍යතාවය අනුව රචනා කළ නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘බල්ලොත් එක්ක බෑ-2’ නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් ඔඅප්‍රේල් 11 වන සිකුරාදා සවස 3.30ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලනී පුන්චි තියටර්හි දී වේදිකාගත වේ.
ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායකවන ‘බල්ලොත් එක්ක බෑ-2’ හී සංගීතය මෙහෙයවීම ප්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරයි. රංග වස්ත්‍ර නිර්මාණය ගිහාන් ප්‍රනාන්දුගෙනි. වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවොලින් වැන්ඩවෝල්, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහිඳු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප්‍රසන්නගෙනි. ‘බල්ලොත් එක්ක බෑ-2’ නිෂ්පාදක සහ ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරයි.
#stagedrama #drama #StagePlay #acting #love #romance #stageplay #myseatlk #Elphinstone #sihinaragahala #dhananjayasiriwardana #sinhaladrama
Advertisement
Event Venue & Nearby Stays
Namel-Malini Punchi Theatre, Colombo, Sri Lanka
Tickets